මට ඕන රජෙක් !
මට ඕන රජෙක් !
සමහරවිට උඹ පුදුම වෙනව ඇති මේ ගෑණි ඇයි තාම යන්නෙ නැත්තෙ කියලා
මාත් ඕකම මගෙන්ම අහනවා දවසට විසි තිස් පාරකට වැඩිය
ඇයි තාම මං මෙතනම පල් වෙන්නෙ
කෙනෙක් හිතන්න පුලුවන් මන් ආදරෙට කියලා
නැත්තන් වෙන යන්න තැනක නැති නිසා කියලා
නැහැ රත්තරන්
මං ආසයි උඹ රජෙක් වෙනවා දකින්න
මට උඹත් එක්ක කරන්න කියවන්න ලොකු ආදර හීන තිබ්බෙ නැහැ
ඒත් මගෙ හීනේ උඹට රාජ්‍යයක් තියෙනවා බලන්න
මං උඹේ හොඳම යාලුවත් නෙමේ,විශ්වාෂම පෙම්වතිත් නෙමේ
හැබයි මන් හැමදාම උඹෙ පැත්තෙ
එදත් අදත්
මොකද මගෙ හිත කියනවා තාමත් කාටත් වැඩිය උඹ මට ආදරේ කියලා
සමහරවිට මට උඹ ගැන රිදුනෙම ඒකට
මම එකක් පොරොන්දු වෙන්නම්
උඹ මට යන්න කියනකන් මං ඉන්නව.
මොකද මට ඕන උඹ රජෙක් වෙනවා බලන්න.
මං හැමදේම ලංසුවට තිබ්බෙ ඒකට
.
Comments
Post a Comment