තාත්තා





අතරමඟ කතා කොච්චර තිබුනත් සමහර කතා නොකියාම තියෙන එක හොඳයි.කතාවක් කියන්නෙ තමන්ගෙ මතකයන් ,අත්දැකීම් උනාට ඒ හැම කතාවකම තව අතුරු කතා,නොකී කතා,නුසුදුසු කතා,බොලඳ කතා,අපේ කතා ,එයාගෙ කතා ඔයවගේ කතා ජාති කෝටියක එකතුවක් තියෙනවා

මගේ ජිවිතේ හම්බුනු හොඬම කතා කාරයා මගේ තාත්තා.ඊට පස්සෙ තමයි ඔක්කොම කතා කාරයො ටික එකතු වෙන්නෙ.

තාත්තා කියන කෙනා ඕනම කෙනෙක්ට විශේශයි.මගේ ජිවිතෙයි මන් වඩිපුරම සතුටින් හිටියේ තාත්තා ජීවතුන් අතර හිටපු කාලේ.තාත්තාගෙ වියෝව හරියට මට ජිවිතේ මධ්‍ය ලක්ෂ්‍යය අහිමු උනා වගේ දෙයක්.මන් ජිවිතේ ගැන හැමදාම බලන්න පුරුදු වෙලා හිටියේ අතිශයින් සුබවදී විදියට ,සුදු පැත්ත,හොඳ විතරක්

තාත්තාගෙ නික්මයාම මගේ මුලු ජීවිතේටම හිස් තැනක් ඉතුරු කලා ආයෙත් කාටවත් පුරවන්න බැරි විදියට.හැබැයි අතරමඟ කතාකාරයා ඉපැදෙන්නේ අන්න ඒ කිව්ව හිස්තැනේන්.ජිවිතේ ගැන වෙනස් විදියට හිතන්න,දකින්න ,විඳින්න ,දරාගන්න මට මුලින්ම කියලා දුන්නේ තාත්තා.

තමන්ගේ දරුවන් වෙනුවෙන් නිදි නැතුව ,බඩට හරියට කෑමක් නැතුව ,තමන්ගේ කඳුලු දරුවනගෙ හිනාවට උකස් කරපු  හැම තාත්තා කෙනෙක්ට වගේම මගේ තාත්තාටත් ගොඩාක් පින්!

Comments